hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 10, ප.ව. 12:36



ඇමරිකාවට සහ ලෝක වෙළෙඳපොළට කඩිනමින් ඩීසල් ලීටර් ලක්ෂ තුනක් ලබාදීමට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් එකඟ වී තිබෙනවා.

ඔහු සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී මේ එකඟතාව ඇතිවූ බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි රුසියාව විසින් කඩිනමින් ලබාදෙන ඩීසල් ටොන් ලක්ෂ තුනට අමතරව නොවැම් බරයේදී ඩීසල් ටොන් ලක්ෂ පහක් ද ඉන් අනතුරුව ඩීසල් ටොන් ලක්ෂ දහයක් ද ලබාදීමට නියමිතයි.

ලෝක වෙළෙඳපොළට ඩීසල් අපනයනය සඳහා රුසියාවට ඇති බාධක තාවකාලිකව ඉවත් කෙරෙන බව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කර සිටින්නේ මෙම ගනුදෙනුව රුසියාවට යුද්ධය දිගටම කරගෙන යෑමට උපකාරයක් වන බවයි.

මැදපෙරදිග පවතින තත්ත්වය සහ රුසියාවේ තෙල් පිරිපහදු වෙත එල්ල වන යුක්‍රේන ප්‍රහාර හමුවේ ලෝක තෙල් මිල පසුගිය සමයේ ඉහළ ගියා. ඇමරිකාවට ද එය තදින් ම බලපා තිබෙනවා.