2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
ඇමරිකාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති සී ජින්පිං ධවල මන් දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසුණා.
මෙම සංචාරයේදී ඔවුන් ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳවත් සාකච්ඡා කළා. චීනය සහ ඇමරිකාව අතර තරගය පිළිබඳව ද මෙහිදී ඔහු අදහස් දක්වා තිබුණා.
සී ජින්පිං පෙන්වා දී තිබුණේ ඇමරිකාව සහ චීනය තුසිඩිඩීස් උගුලට හසු නොවිය යුතු බවයි. තුසිඩිඩීස් උගුල යනු එක් බලවතකු සිටින විට, තවත් බලවතකුගේ නැගීම හේතුවෙන් බලවතුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවීමේ අවකාශයයි. ග්‍රැහැම් ඇලිසන් නම් ඇමරිකානු විශේෂඥයා විසින් මෙම සංකල්පය ඉදිරිපත් කළේ ඇතැන්ස් සහ ස්පාර්ටා අතර ඇතිවූ පෙලොපොනීසියානු යුද්ධය පිළිබඳ තුසිඩිඩීස් විසින් ලියන ලද කෘතිය ආශ්‍රයෙන්.
සී ජින්පිං පෙන්වා දෙන්නේ දෙපාර්ශවය අතර යහපත් මට්ටමේ තරගයක් තිබීම සුදුසු නමුත් දෙපාර්ශ්වය අතර පොරයක් ඇති නොවිය යුත් බවයි. පොරයක් ඇතිවීමෙන් දෙපාර්ශ්වය ම විනාශ විය හැකි යැයි ඔහු පෙන්වා දෙනවා.
තායිවානය පිළිබඳව ද අදහස් දැක්වූ සී ජින්පිං පවසා තිබුණේ තායිවානයේ ස්වාධීනත්වය පිළිගැනීමෙන් ඇමරිකාව වැළකී සිටිය යුතු බව යි.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:00
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38