hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 11:23



ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාර්ති එම ධුරයෙන් ඉවත් කරනු ලැබුණා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මන්ත්‍රීවරයකු වන මැට් ගේට්ස් විසින් ඉදිරිපත් කෙරුණ යෝජනාවට පක්ෂව ඡන්ද 216 ක් ද විපක්ෂව ඡන්ද 210 ක් ද ලැබුණ හෙයින් කෙවින් මැකාර්තිට සිය ධුරය අහිමි වුණා. ඇමරිකානු ඉතිහාසයේ මේ අයුරින් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායකවරයකු ඉවත් කළ පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව උතුරු කැරොලිනා රිපබ්ලිකන් මන්ත්‍රී පැට්‍රික් මැක්හෙන්රි තාවකාලික කතානායක ලෙස පත් වුණා.

මේ අතර රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීන් සමහරෙක් මීළඟ කතානායක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා කර තිබෙනවා.

ට්‍රම්ප් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකු නොවන නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායකවරයා එහි මන්ත්‍රීවරයකු විය යුතු යයි ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නිශ්චිතව සඳහන් කර නැහැ. කෙසේ වෙතත් මීට පෙර මන්ත්‍රීවරයකු නොවන්නකු කතානායක ධුරයට පත් කරනු ලැබ ඇත්තේ ද නැහැ.