2026 පෙබරවාරි 26, ප.ව. 2:59
ඉරානය සහ ඇමරිකාව අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව මෑතකදී යළි ඇරඹුණු සාකච්ඡාවල තුන්වන වටය ජිනීවා නගරයේදී ආරම්භ වී තිබෙනවා.
ඉරානය මෙම සාකච්ඡාවලට පෙර ස්වකීය යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ ඇමරිකානු ප්‍රතිචාර කවරක් වේදැයි ලෝකය බලා සිටිනවා.
අවශ්‍ය නම් ඉරානයට පහරදීම සඳහා මෙන්ම ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා මැදපෙරදිග කලාපයේ ස්වකීය යුධ ශක්තිය වර්ධනය කිරීමට පසුගිය සති කිහිපය මුළුල්ලේ ඇමරිකාව කටයුතු කළා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ එකඟතාවයකට පැමිණීම තම මූලික අභිලාශය වන නමුත් ඉරානය තම කොන්දේසිවලට එක්ඟ නොවන්නේ නම් වෙනත් පියවර කරා යොමුවීමට සිදුවනු ඇති බවයි.
මේ අතර, මෙම අවස්ථාවේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා එක් අවස්ථාවක් ලබාදෙන ලෙස ඇමරිකානු දූත කණ්ඩායමේ ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුශ්නර් යන දෙදෙනාම ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබූ බවට ඇමරිකානු මාධ්‍ය පසුහියදා වාර්තා කළා.
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10