2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55
තමිල් නාඩු මහ ඇමති සී. ජෝසෆ් විජේ අද (සැප්තැම්බර් 22) පාසැල් දරුවන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩපිළිවෙල පුළුල් කිරීම නිල වශයෙන් සිදුකළා.
පෙරුතලෙයිවර් කාමරාජර් ෆ්‍රී බ්‍රෙක්ෆස්ට් ස්කීම් ලෙස අලුතින් නම් කර ඇති මෙම වැඩපිළිවෙල අනුව හයේ පන්තියේ සිට අටේ පන්තිය දක්වා රජයේ පාසැල්වල සහ රජයේ ආධාර ලබන පාසැල්වල සිසු දරු දැරියන්ට නොමිලේ උදෑසන ආහාරය ලබාදෙනවා.
මීට ප්‍රථමයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේ පහේ පන්තිය දක්වා පමණයි. මෙම වැඩපිළිවෙල පුළුල් කිරීම විජේගේ මැතිවරණ පොරොන්දුවක් ද වුණා.
චෙන්නායි හි තිරුවන්මියුර් හි ගාන්ධි ග්‍රාමම් හි රජයේ මධ්‍ය විද්‍යාලයේදී මෙම නව වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා මහ ඇමති විජේ එක්ව සිටියා. ඔහු පන්තියෙන් පන්තියට යමින් ළමුන් සමග කතාබහ කරනු දකින්නට ලැබුණා.
දැනට මෙම වැඩපිළිවෙල මගින් ලක්ෂ විස්සක් පමණ ළමුන් ප්‍රමාණයක් ප්රතිලාභ ලබන අතර අලුතින් ඊට එක්වන පිරිස ලක්ෂ 15.30 ක් ලෙසයි සඳහන් වුණේ. මේ අනුව සමස්ථයක් ලෙස ලක්ෂ 34.67 ක් සිසු දරු දැරියන් මෙම වැඩසටහන මගින් නොමිලේ උදේ ආහාරය ලබනු ඇති.
මේ සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ මුදල මූල්‍ය වසරක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 724 ක් වනවා.
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:03
2026 සැප්තැම්බර් 21, ප.ව. 2:57
2026 සැප්තැම්බර් 21, ප.ව. 1:00
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53