2024 මාර්තු 21, පෙ.ව. 11:17
කළු මුහුදුබඩ අබ්හාසියාවේ අචිම්චිරා හි රුසියානු නාවික හමුදා කඳවුරේ වැඩ කටයුතු වේගයෙන් අවසන් වෙමින් පවතින බව ජෝර්ජියානු රූපවාහිනී චැනලයක් වාර්තා කළා.
ජෝර්ජියාවෙන් වෙන්වන්නට උත්සාහ කරන අබ්හාසියාව රුසියාව වැනි රටවල් කිහිපයක් විසින් පමණක් ස්වෛරී රාජ්‍යයක් ලෙස සළකනු ලබනවා.
මීට මාස කිහිපයකට පෙර අබ්හාසියාවේ නාවික කඳවුරක් ඉදිකිරීමට එරට සහ රුසියාව අතර එකඟතාවයක් ඇතිවුණා. ඒ අනුවයි අචිම්චිරා හි නාවික කඳවුරේ වැඩ ඇරඹුණේ.
මේ වනවිට එහි ගොඩනැගිලි ගණනාවක් ඉදිකර ඇති අතර ඒවා නාවික හමුදා සෙබළ බැරැක්ක විය හැකි යයි අනුමාන කෙරෙනවා.
1990 දශකයේ සිදුවූ අබ්හාසියානු යුද්ධයෙන් අනතුරුව මෙම ප්‍රදේශයෙහි බලය ජෝර්ජියාවෙන් ගිලිහී ගියා. එකළ පටන් එහි වෙනමම ආණ්ඩුවක් ක්‍රියාත්මකයි.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53