2026 ජනවාරි 21, පෙ.ව. 9:16
ජාත්‍යන්තර නීතිය සහ රීතීන් පදනම් වූ ජාත්‍යන්තර පද්ධතිය තුළ ප්‍රබලයා වඩා වාසිදායක ස්ථානයක සිටි අවස්ථා තිබූ බවත් තම රටවල් ඒවා දැක දැකත් නිහඬව සිටි බවත් කැනඩා අගමැති මාර්ක් කාර්නි පවසනවා.
රීතීන් පදනම් වූ ලෝක පද්ධතිය හේතුවෙන් මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම, සමුද්‍රයේ ආරක්ෂාව, ඒකාබද්ධ ආරක්ෂක පද්ධතියක්, මූල්‍ය පද්ධතියක් සහ ගැටුම් නිරාකරණ ක්‍රමවේදයක් පවත්වාගත හැකි වූ බව පෙන්වාදෙන කාර්නි, ඇතැම්විට ඇතැම් පාර්ශවවලට අවාසි සිදුවුව ද ඒ ගැන කතාබහ කිරීම අඩු වූ බව කියා සිටියා.
කෙසේ වෙතත්, එම පැරණි ගනුදෙනුව දැන් වලංගු නැතැයි කාර්නි ප්‍රකාශ කරනවා. ඔහු කියා සිටින්නේ වර්තමානයේ ජාත්‍යන්තර පද්ධතිය සංක්‍රාන්තියක නොව බිඳවැටීමක පවතින බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශයට මූලික වශයෙන් පදනම වන්නේ ඇමරිකාව ප්‍රමුඛව මෙතෙක් පැවති ක්‍රමය සහ වර්තමානයේ ඇමරිකාව විසින් ගන්නා පියවර හේතුවෙන් එහි ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වය යි.
2026 මාර්තු 09, ප.ව. 3:00
2026 මාර්තු 09, ප.ව. 1:44
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20