hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 11, ප.ව. 5:05



ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවන් විශේෂයක් සොයාගැනීමට ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

සොෆෝබාස් මොරියෝ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින්වෙන මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බවයි පර්යේෂණය නිරත වූ විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ.

මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව මෙම ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බව ද එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.