2024 මාර්තු 22, පෙ.ව. 9:35
දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුණා. ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්පැන් බලපත්‍ර වංචාව පිළිබඳ පරීක්ෂණ සම්බන්ධවයි. මෙය ධුරය දරන ඉන්දියානු මහ ඇමතිවරයකු අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වනවා.
මහ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඉන්දියානු විපක්ෂ දේශපාලන පක්ෂ සිය අප්‍රසාදය පළකර සිටියා. කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය රට පුරා උද්ඝෝෂණ පවත්වන බවට ද ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර එම පක්ෂය මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ද පෙත්සමක් ඉදිරිපත් කරන බව කියා සිටියා.
දිල්ලියේ මත්පැන් බලපත්‍ර ලබාදීමේ වංචාවක් සිදුවූයේය යන චෝදනාව මත කලක් තිස්සේ පවතින පරීක්ෂණවලට සම්බන්ධව මේ වනවිට දිල්ලියේ හිටපු නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආදී කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ආම් ආද්මි පක්ෂය කියා සිටින්නේ කෙජ්රිවාල් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නොමැති බවයි. ඔහු දිගටම මහ ඇමති ලෙස කටයුතු කරන බව එම පක්ෂය කියා සිටියා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53