2026 ජනවාරි 07, ප.ව. 12:58
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සඳහා මිලිටරි පියවර ඇතුළු සියලු උපක්‍රම සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ පැහැරගැනීමෙන් අනතුරුව අවස්ථාවක ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ස්ටීවන් මිලර්ගේ බිරිඳ කේටි මිලර් ස්වකීය X ගිණුමෙහි ඇමරිකන් ධජයෙන් වර්ණ ගැන්වූ ග්‍රීන්ලන්තයේ සිතියමක් පළකර තිබුණා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ජාතික ආරක්ෂාව සඳහා ඇමරිකාවට ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවයි.
ඇමරිකානු පරිපාලනය ජූලි 4 වනදාට පෙර ග්‍රීන්ලන්තය ලබාගැනීමට සැලසුම් කරන්නේ යැයි පොලිටිකෝ වෙබ් අඩවිය මෑතකදී පවසා තිබුණා.
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කය යටතේ පවතින ස්වයං පාලිත රටක් වන අතර ඩෙන්මාර්කය නේටෝවේ සාමාජිකයකු වනවා. ඇමරිකාව විසින් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් එය නේටෝවේ අවසානය වනු ඇති බව ඩෙන්මාර්ක අගමැතිණි මෙටා ෆෙඩ්රික්සන් නොබෝදා ප්‍රකාශ කළා.
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26