hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 23, පෙ.ව. 5:21



ඕස්ට්‍රේලියාවේ 47 වෙනි පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා පෙරේදා (21) පැවති ෆෙඩරල් මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහණය කළා.

ඇය හෝල්ට් ආසනය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුනාය.1988 වසරේ ශ්‍රී ලංකාවේදී උපත ලද ප්‍රනාන්දු මහත්මිය 1999 දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ තිබෙනවා.

ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම කාන්තාව වනවා.

හෝල්ට් ඡන්ද කොට්ඨාසයේ තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙක් වූ රන්ජ් පෙරේරා මහතා පරාජයට පත් කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඇය ඉංග්‍රීසි භාෂාව කථා නොකරන සංක්‍රමණිකයන් සහ සරණාගතයින් හට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයෙක්.

ප්‍රනාන්දු මහත්මිය තමන් පේස්ට්‍රි සූපවේදිනියක මෙන්ම අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නියක්.

ඇය සාධාරණ වැටුපක් සහ රැකියාවේ නිරත වීම සඳහා සාධාරණ කොන්දේසි ලබා ගැනීම සඳහා සටන් වදින සිල්ලර සහ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්තවල සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා.