hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 22, පෙ.ව. 11:52



බටහිර රාජ්‍යයන් අවි ආයුධ සැපයීමෙන් පමණක් යුක්‍රේනයට දක්වන සහය සීමා කරනු ඇතැයි රුසියාව බලාපොරොත්තු නොවිය යුතු බව ප්‍රංශ හමුදා ප්‍රධානී ජෙනරල් තියෙරි බුර්කාර්ට් පවසා තිබෙනවා.

ස්වීඩන් හමුදා ප්‍රධානියා හමුවූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දශකය තුළ යුරෝපයේ ආරක්ෂාව උදෙසා ගතයුතු අවදානම් සහගත තීරණ ගන්නට එම රටවල් කටයුතු කළ යුතු බවයි.

යුක්‍රේනය රුසියාව සමග වන යුද්ධයෙන් පරාජය වන අවදානමක් මතු වුවහොත් නේටෝ හමුදා එහි යැවීම පිළිබඳ කටයුතු කළ යුතු යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පසුගියදා සඳහන් කළා. ඔහු දිගටම තම මතයෙහි සිටින බව විටින් විට සඳහන් කර තිබෙනවා.