2026 ජනවාරි 13, ප.ව. 6:37
ඉරානයේ පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ක්‍රියාත්මක උද්ඝෝෂණ අතරතුර ඊට සම්බන්ධ වූ 12,000 ක් වැනි විශාල ප්‍රමාණයක් රජයේ සන්නද්ධ අංශ විසින් ඝාතනය කර ඇතැයි ‘ඉරාන් ඉන්ටර්නැශනල්’ මාධ්‍ය ආයතනය පවසනවා.
මෙම සංඛ්‍යාව මෙතෙක් මානව හිමිකම් ආයතන සහ විපක්ෂ ක්‍රියාකාරීන් ආදීන් විසින් මෙතෙක් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවලට වඩා විශාල අගයක්.
ඉරාන් ඉන්ටර්නැශනල් ආයතනය පවසන්නේ තම ඇස්තමේන්තුව සඳහා ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට සමීප මූලාශ්‍රයක්, ජනාධිපති කාර්යාලයට සමීප මූලාශ්‍ර දෙකක්, ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදා මූලාශ්‍ර කිහිපයක් ආදී අභ්‍යන්තර තිරතුරු මාර්ග යොදාගත් බවයි.
විරෝධතාකරුවන් මර්ධනය දරුණු ලෙසම සිදුවූයේ ජනවාරි 8-9 රාත්‍රියේ බවත් ඉන්පසු විරෝධතාවල විශාලත්වය කෙමෙන් අඩු වූ බවත් වාර්තා පළවී තිබුණා.
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48
2026 ජනවාරි 11, ප.ව. 11:50
2026 ජනවාරි 10, ප.ව. 9:05
2026 ජනවාරි 10, පෙ.ව. 2:27