2024 මාර්තු 21, පෙ.ව. 10:29
අයර්ලන්තයේ අගමැති ලියෝ වරද්කාර් සිය තනතුරෙන් මෙන්ම ෆයින් ගේල් පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බව ඊයේ නිවේදනය කළා.
දේශපාලන සහ පුද්ගලික හේතු මත තමන් ඉල්ලා අස්වන බවයි 45 හැවිරිදි වරද්කාර් සඳහන් කරන්නේ.
පසුගියදා පවත්වන ලද ජනමත විචාරණ දෙකකින් ඔහුගේ ආණ්ඩුව පරාජයට පත් වුවද එම හේතුව ඔහුට ඉල්ලා අස්වීමට තරම් බරපතල වේ යයි විචාරකයන් විශ්වාස කළේ නැහැ.
කෙසේ වෙතත් පසුගිය සමයේ පැවති අතුරු මැතිවරණ කිහිපයකදී ද ඔහුගේ පක්ෂය පරාජය වූ හෙයින් වෙනත් නායකයකු පත්කිරීම වැදගත් වනු ඇතැයි කතාබහ ඇතිව තිබුණා.
මේ වනවිට අයර්ලන්තයේ ජනප්‍රියම පක්ෂය වන්නේ සින් ෆෙන් පක්ෂයයි. කෙසේ වෙතත් 2025 දී පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරණයේදී ද පාලක ෆයින් ගේල් – ෆියානා ෆේල් සන්ධානය යළි බලයට එනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02