hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 11:49



ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ විශාලම රෝහල වන අල්-ශිෆා රෝහල වෙත ඇතුල් වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා පවසා සිටින්නේ තමන් ඉලක්කගත ප්‍රහාර ඒ තුළ ක්‍රියාත්මක කරන බවයි. හමාස් සාමාජිකයන් එහි සැඟව සිටින බව කියා සිටින ඊශ්‍රායල හමුදා, ඔවුන්ට ඉන් පිටතට එන ලෙස දන්වා තිබෙනවා.

මීට ප්‍රථම ඊශ්‍රායලය චෝදනා කරන්නේ හමාස් හි අණදෙන මූලස්ථානය මෙම රෝහලට යටින් භූගතව තිබෙන බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදා ඉවක් බවක් නැතිව රෝහලේ ජනේල වෙත සහ වෙනත් ස්ථානවලට වෙඩි තබන බව හමාස් සංවිධානය පවසනවා. රෝහලට පහරදීමට ප්‍රතිචාර දක්වන්නේ යයි ද ඔවුන් අවධාරණය කරනවා.