2025 ජූනි 22, ප.ව. 4:08
ඉරානයේ උත්තරීතර නායකයා කවුද ඔහු රට තුළ දරන බලය කුමක්ද, ඒ වගේම ඔහුගේ පවුල රටේ දේශපාලනය තුළ ඉටු කරන කාර්යභාරය කුමක්දැයි අපි සොයා බලමු.
1989 සිට අයතුල්ලා අලි කමින් ඉරානයේ උත්තරීතර නායකයා වූ අතර 1979 විප්ලවයෙන් පසු ඔහු රටේ දෙවන නායකයා බවට පත්වුනා.
ඔහු බලය නොමැති ජීවිතයක් තරුණ ඉරාන ජාතිකයන් කිසිදා දැන සිටියේ නැහැ. ඔහු ප්‍රධාන බලයක් දරන අතර ඕනෑම ප්‍රතිපත්තියක් අවහිර කිරීමට සහ විවිධ බල කණ්ඩායම් තුලනය කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඕනෑම කාරණයක් නිෂේධ කිරීමට සහ රාජ්‍ය තනතුරු සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා.
රාජ්‍ය නායකයා මෙන්ම ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ඇතුළු හමුදාවේ විධායකයා වන ඔහු ඉතා බලවත් පුද්ගලයෙක්. අයතුල්ලා අලි කමින් 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාට්හි උපත ලැබූ කෙනෙක්. ආගමික පවුලක දරුවන් අට දෙනෙකුගෙන් ඔහු දෙවැන්නා වුනා. අයතුල්ලා අලි කමින්ගේ පියා ඉරානයේ ප්‍රමුඛ නිකාය වන ඉස්ලාම් ආගමේ ශ්‍යා වරුන්ගේ මධ්‍යම පිලේ පූජකයෙක්. ඔහු ප්‍රධාන වශයෙන් කුරාණය හැදෑරූ අතර වයස අවුරුදු 11දී පූජකයෙකු බවට පත්වීමට සුදුසුකම් ලැබුවා.
නමුත් එකල බොහෝ ආගමික නායකයින් මෙන් ඔහුගේ කාර්ය ආධ්‍යාත්මික මෙන්ම දේශපාලනික වුණා. ශක්තිමත් කථිකයකු වූ කමේනි පසුව ඉස්ලාමීය විප්ලවයෙන් බලයෙන් පහ කරන ලද ශා රජුට විරුද්ධ වූ අය සමග එකතු වුණා. වද හිංසාවලට ලක් වෙමින් හා අභ්‍යන්තර පිටුවහල් කිරීම අත්විඳිමින් වසර ගණනාවක් අයතුල්ලා අලි කමේනි රහසිගතව හෝ සිරගෙවල්වල ජීවත් වුණා. ශාගේ රහස් පොලිසිය විසින් ඔහු හය වතාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
1979 ඉස්ලාමීය විප්ලවයෙන් වසරකට පසු අයතුල්ලා රොහෙල්ලා කොමේනි විසින් ඔහුව ඉරානයේ අගනුවර වන ටෙහෙරානි සිකුරාදා යාඥා නායකයා ලෙස පත්කළා. පසුව 1981 දී කමේනේ ජනාධිපති ලෙස තේරී පත්වූ අතර 1989 කොමේනිගේ මරණයෙන් පසු ආගමික නායකයින් කමේනිව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගත්තා.
අලි කමේනි කලාතුරකින් විදේශ ගත වන අතර මධ්‍යම ටෙහෙරානයේ තම බිරිඳ සමඟ නිවාස සංකීර්ණයක සරල ජීවිතයක් ගත කරන බව කියවෙනවා. ඔහු ගෙවතු වගාවට සහ කවිවලට ප්‍රිය කරන බවත් වාර්තා වෙනවා. ඉරානයේ ආගමික නායකයෙකුට දුර්ලභ සිදුවීමක් වන ඔහු තරුණ වියදීම දුම්පානය කිරීමට පුරුදුව සිටියා.
1980 ගණන් වල ඝාතන උත්සාහයකින් ඔහුගේ දකුණු අත භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවාබෙනවා. අලි කමේට සහ ඔහුගේ බිරිඳ වන මන්සුරේ කුජාස්තියේ බකන්සාට දරුවන් හය දෙනෙක් සිටිනවා. ඒ පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක්.
කමේනි පවුල ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ කලාතුරකින් ඔහුගේ පුතුන් දෙදෙනාගෙන් මොජ්බාතා වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ ඔහුගේ ඇති බලපෑම නිසා සහ ඔහුගේ පියාට සමීපව වැදගත් කාර්යයක් ඉටු කරන නිසයි. මුස්තාපා කමේනි කියන්නේ පවුලේ වැඩිමහල් පුත්‍රයා.
1980 ගණන් වල ඉරාන ඉරාක යුද්ධයේදී මුස්තාපා සහ මොජ්තාබා යන දෙදෙනාම ඉදිරිපෙලේ සේවය කළා. අලි කමේනිගේ තුන්වන පුත්‍රයා වන මසුන් දේශපාලනයෙන් ඉවත්ව සිටින අතර ඔහු ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ ඉතා අල්ප වශයෙන්. බාල පුත්‍රයා වන මේසම් 1974 දී උපත ලැබු අතර සිය වැඩිමහල් සහෝදරයන් තිදෙනා මෙන් ඔහුද පූජකයෙක්. බුශ්‍රා සහ හෝඩා යන දියණියන් 19799 විප්ලවෙන් පසුව උපත ලැබූ අයයි.
-BBC වැඩසටහනක් ඇසුරිනි-
2025 ජූනි 22, ප.ව. 4:02
2025 ජූනි 22, පෙ.ව. 8:46
2025 ජූනි 20, පෙ.ව. 7:15
2025 ජූනි 20, පෙ.ව. 7:01
2025 ජූනි 18, පෙ.ව. 7:14