2026 මාර්තු 09, ප.ව. 3:00
මොසාඩ් සහ ඔත්තු සේවාවල ආධාර සහිතව ඉරානයේ ඉස්ලාමික රෙජීමයට පහරදීම සඳහා එරට කුර්දි සටන්කාමී කණ්ඩායම් සැරසෙන බව වාර්තා වනවා.
පෙබරවාරි 22 වනදා ඉරාන කුර්දි සටන්කාමී සංවිධාන පහක් එක්ව ඉරාන කුර්දිස්ථානයේ දේශපාලන බලවේගයන් හි සන්ධානය නම් වූ එකමුතුවක් පිහිටුවාගත්තා. ඊට ඉරාන කුර්දිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කුර්දිස්ථාන නිදහස් ජීවන පක්ෂය, කුර්දිස්ථාන නිදහස් පක්ෂය, ඉරාන කුර්දිස්ථාන අරගල සංවිධානය සහ කුර්දිස්ථානයේ ශ්‍රමය වගුරවන්නන් ගේ සංගමය යන සංවිධානයන් අයත් වනවා.
මෙම සටන්කාමී සංවිධානයන් සමහරකට කාලයක පටන් මොසාඩ් සංවිධානය සමග සම්බන්ධතා තිබූ බව විශ්වාස කෙරෙනවා. මේ අතර සංවිධානය ද මොවුනට ආයුධ ලබදීමට පටන් ගෙන තිබෙනවා.
ඉරානයේ ජනගහනයෙන් සියයට 10 ක් පමණ කුර්දිවරුන් වන අතර ඔවුන් එරට වයඹදිග ප්‍රදේශයන් ආශ්‍රිතව ජීවත් වනවා. කුර්දි සටන්කාමී සංවිධාන දැනට මූලිකව කටයුතු කරන්නේ ඉරාක කුර්දිස්ථානයේ සිටයි. ඉරාන සන්නද්ධ අංශ සමග ඔවුන් නිරන්තර ගැටුම්වල පැටලෙනවා.
2026 මාර්තු 09, ප.ව. 1:44
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20
2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04