2023 නොවැම්‍බර් 07, ප.ව. 7:24
යුක්‍රේනයේ මැතිවරණ පැවැත්වීමට මෙය සුදුසු කාලයක් නොවන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු කියා සිටින්නේ මේ අවස්ථාවේ රටේ එක්සත්භාවය උදෙසා සටන් කිරීම වඩා වැදගත් බවයි.
යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස දී පැවැත්වීමට නියමිත වුවද එය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එරට 2022 පෙබරවාරියේ සිට යුධ නීතිය පනවා ඇති අතර එවන් අවස්ථාවක මැතිවරණ පැවැත්වීම හෝ ඒ සඳහා ප්‍රචාරක කටයුතු කිරීමට නීතියෙන් ඉඩක් නැහැ.
මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ද පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව තියෙනවා. පවතින යුධ තත්ත්වයත්, දහස් ගණනක් සෙබළුන් සටන් බිමේ සිටීම සහ තවත් විශාල ජනකායක් රටින් පිටව සිටීම මත මැතිවරණයක් පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු කරුණක් වී තිබෙනවා.
කෙසේ වෙතත් යුක්‍රේනයට සහය දෙන බටහිර රටවල් එරටට මැතිවරණ නියමිත ලෙස පවත්වන ලෙස කලක පටන් බල කරමින් සිටිනවා.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29