hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 අගෝස්‍තු 20, ප.ව. 8:20



රුසියාවේ දේශපාලන පක්ෂයක් සිය හිටපු නායකයාගේ එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

එරට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භක නායක ව්ලදිමීර් ජිරිනොව්ස්කිගේ AI bot එකක් මෙසේ නිර්මාණය කර එළිදක්වන්නට එම පක්ෂය ක්‍රියාකර තිබෙන බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා කියා සිටියේ.

සංවාදයෙහි යෙදෙන “චැට්බොට්” එකක් ලෙස මෙය එළිදැක්වීමේ යෝජනාව ප්‍රසිද්ධ කරන ලද්දේ 2023 අප්‍රේල් මාසයේ ජිරිනොව්ස්කිගේ මරණයෙහි පළමු සංවත්සරයේදී යි. එමෙන්ම එහි මූලික අවස්ථාවක් ජුනි මාසයේදී එළිදක්වා තිබුණා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී ව්ලදිමීර් කොශෙලෙෆ් සඳහන් කරන්නේ කාලීන සිදුවීම් පිළිබඳ ජිරිනොව්ස්කි කුමක් කියන්නට ඉඩ තිබුණිදැයි පුරෝකථනය කිරීමට මෙම කෘත්‍රිම බුද්ධියට වඩ වඩාත් සැබෑ පුද්ගලයන් හා සංවාද කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

ජාතිකවාදී දේශපාලකයකු වූ ජිරිනොව්ස්කි ආන්දෝලනාත්මක ප්‍රකාශ සඳහා ප්‍රකට වූ අයකු වුණා. 1991 දී සෝවියට් දේශයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවාගත් ඔහු එම වසරේ සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සියයට 8 ක් ඡන්ද ලබාගත්තා. 1992 දී එම පක්ෂය විසුරුවා හැරිය ඔහු රුසියාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා එහි නායකත්වයට පත්වුණා. 2022 දී කෝවිඩ්-19 හේතුවෙන් මියයන තෙක්ම එහි නායකයා වූයේ ජිරිනොව්ස්කි යි.