hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 මාර්තු 20, ප.ව. 12:06



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබෙනවා.

යුක්‍රේන හමුදාවන් සමඟ පැවැති දරුණු යුද ගැටුම්වලින් පසුව අල්ලා ගත් නගරයක් වන මරියුපෝල් වෙත රුසියානු ජනාධිපතිවරයා පැමිණි පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පැවසුවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව එම සංචාරය සිදුවීම විශේෂත්වයක්.

එම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා ස්ථාන කිහිපයක සංචාරය කර නගරවාසීන් සමඟ සුහද කතා බහකද නිරත වු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.