2025 ජූනි 24, පෙ.ව. 8:40
ඊයේ රාත්‍රියේ කටාර් රාජ්‍යයේ අල් උඩයිඩ් ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වුණා. කටාර් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ මෙම මිසයිල විනාශ කළ බවයි. කඳවුරට කිසිදු හානියක් සිදුව නැතැයි ද වාර්තා වූ නමුත් ඉරානය පවසන්නේ මිසයිල කිහිපයක් කඳවුරට වැටුණ බවයි.
කෙසේ වෙතත් ප්‍රහාරයට ස්වල්ප වෙලාවකට පෙර කටාර් රාජ්‍යය සිය ගුවන් සීමාව වැසූ අතර ඔවුන්ට ප්‍රහාරය පිළිබඳ කලින් දැනුම් දී තිබූ බව පසුව වාර්තා වුණා. ඉරානය කියා සිටියේ මෙම ප්‍රහාරය කටාර් රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක කළ එකක් නොවන බවයි.
මේ අතර ඉරාකයේ ඇමරිකානු කඳවුරු වෙත ද ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබුණා.
අල් උඩෙයිඩ් යනු මැදපෙරදිග ප්‍රධානම ඇමරිකන් කඳවුරයි. ඉරාකයේ මේ වනවිට ඇත්තේ සාපේක්ෂව කුඩා, නිත්‍ය නොවන කඳවුරු වන අතර ඇමරිකානු නිත්‍ය කඳවුරු අටක් පර්සියානු බොක්ක ආශ්‍රිතව තිබෙනවා. අල් උඩෙයිඩ් හි 10,000 ක පමණ හමුදා සාමාජිකයන් පිරිසක් වනවා.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55