2022 මැයි 18, ප.ව. 3:37
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු වන “රජිව් ගාන්ධි ” ඝාතන සිද්ධියට වරදකරුවෙකු වී වසර 31ක් සිර දඬුවම් විඳි පුද්ගලයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1991 වසරේ වයස අවුරුදු 19 දී අත්අඩංගුවට ගනු ලැබූ පේරාරිවාලන් ට හිටපු අගමැති රජිව් ගාධී ඇතුළු 43 දෙනෙකු ඝාතනය කිරීමට එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකාරිය යොදාගත් බෙල්ට් බෝම්බය ක්‍රියාත්මක කිරීමට භාවිත කළ බැටරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනා.
මේ සම්බන්ධයෙන් සිදු කෙරුනු දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ඔහුට මරණ දඬුවම නියම වූයේ 1999 වසරේදීයි.
නමුත් 2014 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනයක් සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පේරාරිවාලන් ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඩුවමක් ලෙස වෙනස් කළා.
ඉන්පසුව 2018 වර්ෂයේ දී තමිල්නාඩු රජය විසින් ඔහුගේ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.
එයට ප්‍රතිචාර දැක්වූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ දඬුවම ඉවත් කර පේරාරිවාලන් නිදහස් කරන ලෙස නිර්දේශ කර තිබුණා.
කෙසේ වෙතත් එම නිර්දේශය අනුව ඔහුව නිදහස් කිරීම ප්‍රමාද කෙරුණු අතර අද එල් නාගේස්වර රාඕ සහ බී.ආර්.ගවායි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ තමිල්නාඩු ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ අදාළ සලකා බැලීම් මත පෙරරිවාලන්ට සහනයක් ලබාදීමට හැකි බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16