2026 ජනවාරි 14, පෙ.ව. 10:52
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පසුගිය සති අන්තයේදී ඉරානයේ කිරුළ හිමි කුමරු රෙසා පහ්ලවී රහසිගතව හමුවී තිබෙනවා.
මෙය දෙසැම්බරයේ ඉරාන උද්ඝෝෂණ ඇරඹුණ පසු ට්‍රම්ප් පරිපාලනය රෙසා පහ්ලවී සමග ඍජුව අදහස් හුවමාරු කරගත් පළමු අවස්ථාව බවයි දැනට ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ.
ඉරානයේ අභ්‍යන්තරයෙහි විරෝධතාකරුවන් අතර රෙසා පහ්ලවීට සහයෝගයක් ඇති බවට ට්‍රම්ප් පරිපාලනය නිගමනය කිරීම මෙම හමුවට හේතු වී තිබෙනවා.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සම්බන්ධව කළ යුත්ත තමන් දන්නා නමුත් එරටින් ලබෙන අලුත් වාර්තා ද සලකා බලා තීරණයක් ගන්නා බවයි.
මැදපෙරදිග අනෙකුත් අසාර්ථක මැදිහත්වීම් මෙන්ම ඉරානයත් ව්‍යාකූල තත්ත්වයකට පත්වීමේ අවදානම හේතුවෙන් ඉරානයට මැදිහත් වීම පිළිබඳ නිශ්චිත තීරණයක් ගැනීම ප්‍රමාද වී තිබෙනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48
2026 ජනවාරි 11, ප.ව. 11:50