hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 11:28



රුසියානු රූබලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මාස 16 කින් පසුව වාර්තා වූ අඩුම අගය වාර්තා කර තිබෙනවා.

අගෝස්තු 7 වනදා ඇමරිකානු ඩොලරයක් රූබල් 96 ක අගයක් ගත්තා. මෙය 2022 මාර්තු 28 න් පසු වාර්තා වූ අඩුම අගයයි. මේ අතර පසුගිය සිකුරාදා යූරෝ එකක් රූබල් 106 කට අලෙවි වූ අතර සඳුදා වනවිට යූරෝවලට සාපේක්ෂව රූබලය ස්වල්ප වශයෙන් ශක්තිමත් වුණා.

රුසියානු මුදල් ඇමතිවරයා සඳහන් කළේ එරට වෙළෙඳ ශේෂයෙහි වූ වෙනස්කම් සහ ගිම්හාන සංචාරක සමය ඇරඹීම නිසා විදේශීය මුදල් සඳහා වන ඉල්ලුම ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.