hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 ජූලි 07, ප.ව. 11:55



අද දින සිය ධුරයෙන් ඉවත් කරන ලද රුසියාවේ ප්‍රවාහන ඇමති රොමාන් ස්තරවොයිත් සියදිවි නසාගෙන ඇතැයි එරටින් වාර්තා වනවා.

ඔහුගේ සිරුර මොස්කව් පළාතේ අදින්ස්තවා ප්‍රදේශයේදී ඔහුගේ වාහනය තුළ තිබී සොයාගෙන තිබෙනවා.

ස්තරවොයිත්ගේ මරණය සිදුවන්නේ ඔහුට එරෙහිව රාජ්‍ය අරමුදල් වංචා කිරීම පිළිබඳ චෝදනා නැගීමට නියමිතව තිබියදී බවයි දැනගන්නට ඇත්තේ.

ස්තරවයිත් 2024 මැයි මසදී ප්‍රවාහන ඇමති ලෙස පත්වීමට පෙර කුර්ස්ක් පළාතේ ආණ්ඩුකාරවරයා වුණා. එකල කලක් ස්තරවොයිත්ගේ දෙවැනියා ද වූ අලෙක්සේයි ස්මිර්නෝෆ් නමැත්තා මෑතකදී අත් අඩංගුවට ගැනුණ අතර ඔහුට රූබල් බිලියනයක වංචාවක් පිළිබඳ චෝදනා ලැබී තිබෙනවා. ස්මිර්නෝෆ් විසින් ස්තරවයිත් පිළිබඳ ද තොරතුරු ලබාදී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.