hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 13, ප.ව. 2:22



බැටළුවන් 15,800ක් රැගෙන සුඩානයේ සිට සෞදි අරාබිය කරා යාත්‍රා කරමින් තිබූ සුඩාන නෞකාවක් ඊයේ (12) උදේ වරුවේදී රතු මුහුදු තීරයේදී පෙරැළි තිබෙනවා.

නෞකාවට දැරිය හැකි බරට වඩා අධික බරක් රැගෙන යෑම හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත්ව ඇති බව සුඩාන වරාය නිලධාරීහු පවසයි.

නෞකාවේ කාර්යමණ්ඩලය කාර්ය මණ්ඩලයේ සියල්ලන්ම බේරී ඇතත් එහි සිටි බැටළුවන් සියලු දෙනාම පාහේ මුහුදේ ගිලී යමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙසේ බැටළුවන් රැගෙන යන අතර පෙරළිය මුහුදුබත් වී ඇත්තේ සුඩානයේ සුආකින් වරායෙන් පිටත් වූ Badr – 1 නම් නෞකාවයි.

මෙම නව මුහුදුබත් වීමෙන් විශාල ආර්ථික හානියක් සේම පරිසර හානියක් ද ඇතිවන බව සුඩාන නිලධාරීහු කියා සිටිනවා. එය නම් නැවේ පටවා ගෙන ගිය විශාල සංඛ්‍යාවක් බැටළුවන්ගේ මළකුණු මුහුදට එකතු වීමෙනි.