hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 11:52



රුසියාව සමග යුද්ධය පවතින අතරවාරයේ යුක්‍රේනයට බ්‍රිතාන්‍ය හමුදා උපදේශකයන් යැවීමේ සැලැස්මක් නොමැති බව අගමැති රිෂී සුනාක් පවසනවා.

ඔහු සඳහන් කළේ මීට පෙර ආරක්ෂක ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් විසින් කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ ගැන්වී ඇති බවයි. ෂැප්ස් අදහස් කළේ අනාගතයේදී දිනෙක යුක්‍රේන හමුදා පුහුණු කිරීමට බ්‍රිතාන්‍ය උපදේශකයන් යැවීමේ හැකියාව ගැන බවයි සුනාක් පවසන්නේ.

මේ අතර බ්‍රිතාන්‍යය තුළ දී යුක්‍රේන හමුදා සාමාජිකයන් පුහුණු කිරීම දිගටම කෙරෙන බව ද සුනාක් අවධාරණය කළා.