2026 ජනවාරි 20, ප.ව. 8:39
ඇමරිකාව විසින් නිරන්තරයෙන් කරන තීරුබදු තර්ජන පිළිගත නොහැකි යැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.
ලෝක ආර්ථික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ ඇමරිකානු තීරුබදු මගින් යුරෝපීය අපනයනයන්ට තර්ජනය කර, යුරෝපයට අවාසි කොන්දේසි සඳහා එය එකඟ කරගනිමින් යුරෝපය දුර්වල කිරීම අරමුණු කරන බවයි.
තීරුබදු තර්ජන හේතුවෙන් රටක ස්වෛරීභාවයට වන තර්ජනය වැදගත් කරුණක් බව ද ඔහු පෙන්වා දුන්නා.
යුරෝපයට තවමත් ඇමරිකාව සමග තරග කිරීමට නොහැකි බවත් තම ආර්ථික වර්ධනයේ සහ ආයෝජනයන් හි අඩුලුහුඬුකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් මැක්‍රොන් අවධාරණය කළා.
ග්‍රීන්ලන්තය ඇමරිකාවට ලබා නොදෙන්නේ නම් පෙබරවාරි 1 වනදා සිට යුරෝපා රටවල් අටකට සියයට 10 ක තීරුබද්දක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝදා කියා සිටියා.
2026 මාර්තු 09, ප.ව. 3:00
2026 මාර්තු 09, ප.ව. 1:44
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20