2026 ජනවාරි 16, පෙ.ව. 11:25
ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අදහස කල් දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළා.
මීට එක් හේතුවක් ලෙස සඳහන් වූයේ ඊශ්‍රායලයෙන් සහ අරාබි රටවල් සමහරකින් ඔහු වෙත ලැබුණ පණිවිඩ බවයි සඳහන් වන්නේ.
ඉරානය විසින් ප්‍රතිචාර දැක්වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය පියවර ගැනීමට කාලයක් දෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බදාදා දිනයේදී ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තවද ට්‍රම්ප් විසින් මෙම අවස්ථාවේදී ගන්නා ක්‍රියාමාර්ග මගින් ඉරාන ඉස්ලාමික රෙජීමය බිඳවැටේ යැයි ඊශ්‍රායලය බලාපොරොත්තු නොවන බව ද සඳහන්. එහෙයින් එම පියවර අර්ථ විරහිත බව ඔවුන් විශ්වාස කරනවා.
මේ අතර ඉරානයට පහරදීමෙන් ඇතිවිය හැකි අස්ථාවරත්වය පිළිබඳව ඇතැම් අරාබි රටවල් අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන රෙජීමය බිඳ දැමීමට තරම් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය ඇමරිකානු සේනාංක සහ අවි ආයුධ මේ අවස්ථාව වනවිට මැදපෙරදිග නැහැ. එමෙන්ම එසේ රෙජීමය බරපතල ලෙස අස්ථාවර වුවහොත් ඉරානය ස්ථාවරව තබාගත හැකි විපක්ෂ බලවේගයක් ද නැහැ.
ප්‍රහාරයක අදහස කල් දැමුවද එම විකල්පය සම්පූර්ණයෙන්ම සලකා බැලීමෙන් ඉවත් කර නැතැයි ද ඇමරිකානු ආණ්ඩුව පවසනවා. ඒ සඳහා වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සලකා බැලීම ඉදිරියේදී සිදුවිය හැකි බවයි එරට ආරංචිමාර්ග පවසන්නේ.
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48