2023 අගෝස්තු 04, පෙ.ව. 10:47
2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට තැත් කිරීම පිළිබඳව 2021 ජනවාරි 6 සිද්ධීන්ට අදාලව චෝදනාවලට මුහුණ දෙන හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂිංටන් ඩී.සී. හි අධිකරණයක් හමුවේ පෙනී සිටිමින් සිය නිර්දෝශී බව ප්‍රකාශ කර සිටියා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ දේශපාලන ප්‍රතිවාදියකු වීම හේතුවෙන් තමන්ව දඩයම් කෙරෙන බවයි. එය ඇමරිකාවේ කිසිදිනෙක සිදු වේ යයි අපේක්ෂා නොකළ ආකාරයේ සිද්ධියක් බවත් ට්‍රම්ප් සඳහන් කළා.
2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල කොන්ග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතව තිබූ 2021 ජනවාරි 6 වනදා ට්‍රම්ප් වොෂිංටනයේදී දැවැන්ත රැළියක් ඇමතූ අතර ඉන් අනතුරුව ඔහුගේ අනුගාමිකයන් කොන්ග්‍රස් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදුණා. මෙය එදින කටයුතු කඩාකප්පල් කිරීමේ උත්සාහයක් වූ අතර සිය අනුගාමිකයන් උසිගැන්වීම ආදී කරුණු කිහිපයක් අරභයා ට්‍රම්ප්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.
ට්‍රම්ප් මේ වනවිට අධිකරණ කිහිපයකම විවිධ චෝදනා යටතේ කෙරෙන නඩු විභාගවල චූදිතයකු වනවා. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කරමින් හිටපු නිල් චිත්‍රපට නිලියක වන ස්ටෝර්මි ඩැනියෙල්ස්ට මුදල් ලබාදීම, ජනාධිපති ධුරයෙන් ඉවත්ව යනවිට රහස්‍ය ලිපිගොනු රැගෙන යාම ආදී චෝදනා වනවා.
2021 ජනවාරි 6 සිද්ධීන්ට අදාල නඩු විභාගය අගෝස්තු 28 දක්වා කල් තබනු ලැබුණා.
ට්‍රම්ප් මේ වනවිට 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය දිනාගැනීමේ සටනක නියැලෙන අතර අනෙකුත් අපේක්ෂකයන් සියල්ල අභිබවා ඔහු ඉදිරියෙන් සිටිනවා. එමෙන්ම ජනාධිපති ජෝ බයිඩන් සමග තරගයක් පැවතියහොත් එය කරට කර සටනක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද පෙනී යනවා. ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුගේ අධිකරණ කටයුතුවලින් ඔහුට නිදහස ලබාගත හැකි වනු ඇති.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46