2026 ජනවාරි 18, ප.ව. 11:55
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ සැලසුම්වලට එරෙහි වූ යුරෝපා රටවල් අටකට එරෙහිව පෙබරවාරි 1 වනදා සිට බලපාන පරිදි සියයට 10 ක තීරුබදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
මේ රටවල් වන්නේ ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තයයි.
එමෙන්ම දිගටම මෙම විරෝධය දක්වන්නේ නම් ජූනි 1 වනදා සිට එම තීරුබද්ද සියයට 25 දක්වා ඉහළ දමන බව ද ට්‍රම්ප් නිවේදනය කළා.
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලනය සහිත රටක්. ට්‍රම්ප් එය මිලදී ගැනීමට හෝ අන් ආකාරයකින් අත්පත් කරගැනීමට සූදානම් වනවා. ඔහු පවසන්නේ ඇමරිකානු ජාතික ආරක්ෂාව සඳහා එම ප්‍රදේශය ඉතා වැදගත් බවයි.
කෙසේ වෙතත් ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තය විකිණීමට සූදානම් නැති බවයි ප්‍රකාශ කරන්නේ. එසේ නම් ග්‍රීන්ලන්තය ලබාගැනීමට හමුදාමය ක්‍රියාදාමයක් දෙස අවධානය යොමු කිරීමට සිදුවනවා. ඩෙන්මාර්කය සහ ඇමරිකාව නේටෝ සාමාජිකයන් බැවින් එවැනි අවස්ථාවක නේටෝ සංවිධානය බිඳවැටිය හැකියි.
මේ අතර පසුගියදා කළ රොයිටර්ස් / ඉප්සොස් සමීක්ෂණයක් අනුව ග්‍රීන්ලන්තය ලබාගැනීමට හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීම අනුමත කර තිබුණේ ඇමරිකානුවන් අතුරින් සියයට 10 ක් පමණයි.
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01