2025 ජූනි 22, ප.ව. 4:02
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවත් ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත.
ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ට්‍රම්ප්ට අමෙරිකාවෙන්ම විරෝධයක් – කොංග්‍රස් අනුමැතියකින් තොරව ප්‍රහාර එල්ල කරලා
මේ අතර ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව තුළද දැඩි කතා බහක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවය.
කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ පවසා ඇත්තේ මෙය අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් ද වන බවය.
තවද අමෙරිකානු ජනාධිපතිවරයා අවේගශීලිව අමෙරිකාව පරම්පරා ගණනාවක් උගුලට හසුකර ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අවදානමක් ගෙන ඇති බවද ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
එමෙන්ම ට්‍රම්ප් ප්‍රහාරයට පෙර කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවද ඇය චෝදනා කර ඇත.
මේ අතර අමෙරිකානු කොංග්‍රස් සභික රෂිඩා ට්ලයිබ් ද අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ සම්බන්ධව වහාම මැදිහත් වන ලෙසත් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයද මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය අනවශ්‍ය ගැටුමකට ඇද නොදැමීම සඳහා කොංග්‍රසය ඉදිරියට ගොස් ට්‍රම්ප්ගේ අරමුණු සහ සැලසුම් පැහැදිලි කළ යුතු බවය.
2025 ජූනි 23, පෙ.ව. 10:12
2025 ජූනි 22, ප.ව. 4:08
2025 ජූනි 22, පෙ.ව. 8:46
2025 ජූනි 20, පෙ.ව. 7:15
2025 ජූනි 20, පෙ.ව. 7:01