2026 ජනවාරි 10, පෙ.ව. 2:27
ඉරානයේ පවතින උද්ඝෝෂණ හේතුවෙන් එරට ඉස්ලාමික ආණ්ඩුවේ බිඳවැටීමේ ඉඩකඩ පිළිබඳ විමසිලිමත් වීමට ඇමරිකානු බුද්ධි සේවා තීරණය කර ඇතැයි ඇක්සියොස් වෙබ් අඩවිය වාර්තා කළා.
සතිය මුලදී එම බුද්ධි සේවා සඳහන් කර තිබුණේ ඉස්ලාමික ආණ්ඩුව බිඳ දැමීමට තරම් ජවයක් මෙම විරෝධතාවන්ට නොමැති බවයි. එහෙත් මේ වනවිට එම විරෝධතා තවත් උත්සන්න වෙමින් තිබෙනවා. ජනවාරි 8 සහ 9 අතර රාත්‍රියේදී කලින් දුටුවාට වඩා වැඩි පිරිසක් මෙම උද්ඝෝෂණවලට එක්ව සිටි අතර නගර ගණනාවක ඒවා පැවැත්වුණා.
මේ අතර ජනවාරි 9 වනදා උත්තරීතර නායක අලි හමනේයි ජාතිය අමතා කතා කළ අතර ඉස්ලාමික සමූහාණ්ඩුව කලහකාරී, කැරලිකාර කණ්ඩායම් අභිබවා යන බව පවසා සිටියා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරමින් ඔහු සඳහන් කළේ පසුගිය ජූනි මාසයේ සිදුවූ “දින 12 යුද්ධයේදී” මියගිය දහසකට අධික ඉරාන සිවිල් වැසියන්ගේ ජීවිතවලට ට්‍රම්ප් වගකිව යුතු බවයි.
ඉරානයේ මතුවෙමින් පවතින උද්ඝෝෂණ පාලනය සඳහා අවම වශයෙන් එක් පළාතකදී ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාව යොදවන ලද බව ද වාර්තා පළවී තිබුණා. ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාව මෙවන් විරෝධතා මැඩලීමට යොදවා ඇත්තේ ඉතාම විරල අවස්ථාවකයි.
මේ අතර, විරෝධතාකරුවන්ට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට සූදානම්ව සිටින ලෙස ඉරානයේ කිරුළ හිමි කුමරු ලෙස පෙනී සිටින රෙසා පහ්ලවි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59