2026 ජනවාරි 04, පෙ.ව. 11:30
නිකුලස් මදුරෝ අල්ලාගැනීමෙන් අනතුරුව වෙනෙසුවේලා පාලනය කරන්නේ ඇමරිකාව විසින් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ට්‍රම්ප් කියා සිටියේ කිසියම් දිනෙක නැවත මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් උදා වනතෙක් ඇමරිකාව විසින් එරට පාලනය කරන බවයි.
අවශ්‍ය වුවහොත් ඇමරිකානු හමුදා එහි යැවීමට ද පසුබට නොවන බවත් ට්‍රම්ප් සඳහන් කළා.
වෙනෙසුවේලාවේ තෙල් කර්මාන්තය නගා සිටුවන බවත් එමගින් එරට ජනතාවගේ තත්ත්වය ඉහළ නංවන බවත් ඔහු වැඩුදුරටත් කියා සිටියා.
ට්‍රම්ප් සඳහන් කළේ වෙනෙසුවේලාවේ විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝට ද එරට ජනතාව අතර විශ්වාසයක් නොමැති බවයි. අන්තර්වාර පාලනයක් සඳහා කණ්ඩායමක් පත් කරන බවත් ඒ පිළිබඳ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කටයුතු කරන බවත් ට්‍රම්ප් පවසා සිටියා.
2026 මාර්තු 09, ප.ව. 3:00
2026 මාර්තු 09, ප.ව. 1:44
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20