2023 අගෝස්‍තු 23, පෙ.ව. 11:28
සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වෙනවා.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින්නේ වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා සහ වෙනසක් සඳහා පුරවැසි සන්ධානයේ නෙල්සන් චමීසා යි.
චමීසා තරුණ ඡන්දදායකයන් කෙරේ බලාපොරොත්තු තබාගෙන සිටින අතර ආණ්ඩුවේ දූෂණය සහ ජීවන වියදම යන කරුණු මත තමන්ට මෙවර තරගය ජයගන්නට ලැබේ යයි අපේක්ෂා කරනවා.
මේ අතර එරට ජාතික සභාව සඳහා මන්ත්‍රීන් 270 ක් ද තෝරාගන්නට නියමිතව තිබෙනවා. ඉන් 210 දෙනෙක් කේවල ක්‍රමයෙන් තෝරාගැනෙන අතර කාන්තා මන්ත්‍රීන් 60 දෙනෙක් සමානුපාත ක්‍රමයක් මගින් තෝරාගනු ලැබෙනවා. වර්තමාන ජාතික සභාවෙහි පාලක ZANU-PF පක්ෂයට ආසන 181 ක් හිමිව තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38