hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 25, ප.ව. 6:31



වෙළෙඳපොළේ ඇති පැකට් කරන ලද දේශීය සහල් බොහෝමයක ශුද්ධ බර අඩුවෙන් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ සුපිරි වෙළෙඳසැල්වල සිදුකළ සෝදිසියක දී මේ පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක සේවා අධිකාරීවරයා සඳහන් කළේ දේශීය සහල් පැකට්වල මෙම තත්ත්වය පැවතුණත් ආනයනය කරන ලද සහල් පැකට්වල බරෙහි වෙනසක් නොමැති බවයි.