2026 මාර්තු 11, පෙ.ව. 12:12
ආපදා තත්ත්වය නිසා හානියට පත් තේ, පොල් සහ රබර් යන කෘෂි අපනයන භෝග නැවත වගාව සඳහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව 2025 නොවැම්බර් මස අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා හානියට පත් ක්ෂේත්‍ර භෝග, එළවළු සහ පළතුරු වගාවන් කඩිනමින් නැවත වගා කිරීම වෙනුවෙන් ගොවීන් වෙත සහන සැලසීමටත්, එම ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වැනි සුළු අපනයන භෝග නැවත වගාවන් සඳහා සහන සැලසීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම අදාළ සහනයන් ප්‍රතිලාභී ගොවින් වෙත ලබා දීමට මේ වන විට පියවර ගනු ලබයි. තවද හානියට පත්ව ඇති තේ, පොල් සහ රබර් නැවත වගා කිරීම සඳහා ද සහන සලසා දීමේ අවශ්‍යතාව පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් මහා භාණ්ඩාගාරය වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇත.
අඳාළ නිර්දේශ මත පදනම්ව, ආපදාවේ බලපෑම අනුව පහත සඳහන් පරිදි සහන සලසා දීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථිත සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව,
* තේ වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 500,000/- දක්වා.
* රබර් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 400,000/- දක්වා.
* පොල් වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් 750,000/- දක්වා.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26