hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:19



රට අඟලක් හෝ ඉදිරියට ගෙනයෑමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව, කොළඹ පෙළපාලි සංවිධානය කර ඇත්තේ මහා සංඝරත්නයේ ඉල්ලීමට එරෙහිව බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඇඹිලිපිටියේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි ආණ්ඩුව පැවසුවත් එම ආදායමෙන් සියයට 50ක්ම මෙරට අහිංසක ජනතාවගෙන් අය කරගත් බදු මුදල් බවය.

“දැන් ඔබත් හිතුවා දැන් මේ ආණ්ඩුව ආවම වෙන මොනවා හරි විජ්ජාවක් ඇති. දූෂණය කරපු සල්ලි ටික පිටරට තියෙනවා. ඒ සල්ලි ටික ගෙනාවාම ඒ ටික අපිට බෙදලා දුන්නම, අපිට සල්ලි හම්බවෙනවා කියලා.

එහෙමනේ කිව්වේ. දූෂණයට විරුද්ධව මේ ආණ්ඩුව කටයුතු කරනවා කියලා අර යහපාලන කාලේ දාපු නඩු ටිකකට තීන්දු ටිකක් ගත්තා. එක තඹ දොයිතුවක්, එක සත පහක්, එක ඩොලර් එකක් ආර්ථිකයට ලැබුණද? දැන් සොරාගත් දේපළ නැවත අත්පත් කරගැනීමේ පනතක් ගෙනාවා.

අපිත් දැන් අත ඉස්සුවා ඒකට. දැන් සොරාගත් දේපළ ගෙනල්ලා, දැන් අපේ ප්‍රාථමික ගිණුමේ තියෙනවද? සොරාගත් දේපලවලින් ලැබුණු ආදායම කියලා. මහ බැංකු වාර්තාවේ තියෙනවද? සොරාගත් දේපළවලින් ලබාගත්ත ආදායම තියෙනවා. ඒ ඔබෙන් සොරා ගත්ත ආදායම.

මේ රටේ මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ගියායැයි උදම් අනන අපේ අතිගරු සහෝදර ජනාධිපතිතුමා කියන්නේ ඔබේ කොත්තමල්ලි ටිකට බදු ගහලා හාල්මැස්සෝ සීයට බදු ගහලා. මේ ආණ්ඩුවට ලැබුණු සියලුම ආදායම‍වලින් සියයට පනහක් ඍජුවම අරගෙන තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට බදු ගහලා.

කවුද හොරා? අර උන් ඇහුවා වගේ. කවුද හොරා? මේ අහිංසක මිනිස්සුන්ගෙන් හිතක්, පපුවක් නැතුව සල්ලි ගන්න කෙනා නෙමෙයිද? ලොකුම හොරා.

මං දැක්කා අන්න සජීවීව යනවා පෙළපාලියක්. අර මාක්ස්වාදයේ.. මොකටද පෙළපාලි යන්නේ? අපේ ස්වාමීන් වහන්සේලාගේ මේ අහිංසක ඉල්ලීමට විරුද්ධව බස්වලින් කොළඹට සෙනඟ ගෙනල්ලා, දැන් පෙළපාලි යන්න ඕනෙද? මේක ආණ්ඩුවනේ. විපක්ෂයේ නෙමෙයිනේ. පෙළපාලි යන්නේ. අපිට කරන්න කිසි දෙයක් නෑ. බලයේ ඉන්න ආණ්ඩුව පෙළපාලි යනවා ජනාධිපති මන්දිරය ඉස්සරහ. ආණ්ඩුවෙන් පෙළපාලි යනවා.

කොහොමද ඒක? ඇයි? මේ රට අඟලක්වත් ඉස්සරහට ගෙනියන්නට බෑ. භාණ්ඩාගාරෙත් පිරිලා. ඔබ දුකෙන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: