2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
යාලුකම කියන්නේ ජීවිතයේ ලැබෙන අපූරුම වගේම සුන්දරම දීමනාවක්.
ඒත්, සමහර වෙලාවට ඒ සුන්දර බැඳීම් අමතක නොවන කඳුළකින් අවසන් වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහටයි. එවැනි හද කම්පා කරවන අපූරු සටහනක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
මියගිය තම ආදරණීය මිතුරිය වෙනුවෙන් ඇගේ මිතුරෙක් මුහුණුපොතට එක් කර තිබූ ඒ සංවේදී සටහන පහතින්…
“අපි ආදරය කරන්නේ අපට වටිනාකමක් නොදෙන හදවත් පසුපස ය… අපට ආදරය කරන හදවත් නොසලකා හරිමින් ය. ජීවිතයේ ලොකුම අවාසනාව එයයි. අපට වටිනාකමක් නොදෙන අය වෙනුවෙන් අපේ හදවත් වෙහෙසන අතර, අපට සැබෑවටම වටිනාකමක් දෙන අයගේ හදවත් අපිම නිහඬව බිඳ දමන්නෙමු.
“එහෙත් මතක තබාගන්න, වටිනාකමක් දිය යුත්තේ අහිමි වූ පසු නොව, හිමිව සිටින කාලයේදීය. මන්ද, කෙනෙකු අහිමි වූ පසු ගලා යන කඳුළුවලට, ඔහු ජීවත්ව සිටියදී නොදුන් ආදරයත්, නොපෙන්වූ වටිනාකමත් නැවත ලබා දිය නොහැකිය.”
“සුභ ගමන් සකුනි… හදවත ඇතුලෙ හැමදාම ඒ විදියටම ඉදී… කවදාවත් අපේ යාලුකමේ වෙනසක් වෙන එකක් නැහැ…”
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:05
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26