2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
පසුගිය කාලය පුරා රටේ ජනතාවගේ ධනය කොල්ලකෑ දූෂිත පාලකයන්ට, හොරුන්ට සහ මැරයන්ට වත්මන් රජය අප්රසන්න වුවද, රටේ පොදු මහජනතාව සිය ජීවිතය පූජා කර හෝ මෙම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි මහතා ප්රකාශ කළේය.
ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්රීවරයා සඳහන් කළේ, අතීතයේදී මෙරට පාලනය කළ බලවේග බලය රැකගැනීම සඳහා විවිධ ජාතීන් සහ ආගම් අතර ගැටුම් මෙන්ම විරසකයන් නිර්මාණය කළ බවයි.
එක් පසෙකින් මුස්ලිම් අන්තවාදයත්, තවත් පසෙකින් සිංහල අන්තවාදයත් පෝෂණය කරමින් එකම තැනකින් ඒ සියල්ල මෙහෙයවූ ආකාරය ඉතිහාසය සාක්ෂි දරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් රත්නසිරි මහතා මෙසේද පැවසීය.
“අද වන විට පසුගිය කාලයේ රට පාලනය කරපු දූෂිත දේශපාලකයන්, මිනීමරුවන්, ජනතා ධනය කොල්ලකෑ පිරිස් එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරනවා. හොරුන්ට, ජඩයන්ට, මැරයන්ට මේ ආණ්ඩුව එපා වෙන්න පුළුවන්. නමුත් මේ රටේ සාමාන්ය පොදු ජනතාව මේ ආණ්ඩුව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා.
ජනාධිපතිවරයාගේ පටන් ප්රාදේශීය සභා මන්ත්රීවරයා දක්වා අපේ කිසිදු නියෝජිතයෙක් දේශපාලනයට ආවේ පෞද්ගලිකව මඩි තර කරගන්න නෙවෙයි. පොදු ජනතාවට අවශ්ය වී ඇත්තේ යහපත්, ලස්සන රටක් ගොඩනැගීමටයි. අපට අවශ්ය වන්නේත් එම ලස්සන රට නිර්මාණය කිරීමටයි. ඒ නිසා ජනතාව සහ අප අතර කිසිදු පරතරයක් නෑ.”
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26