2026 ඔක්තෝබර් 18, පෙ.ව. 7:50
ඊයේ (17) සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ පූජ්ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාතික රෝහල පවසයි.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය ඉන්දික ජාගොඩ මහතා ඊයේ (17) ප්රකාශ කළේබලංගොඩ කස්සප හිමියන් රෝහලට රැගෙන ආ පසු අවශ්ය මූලික ප්රතිකාර සහ මූලික වෛද්ය පරීක්ෂණ සිදුකර තිබූ බවය.
කෙසේ වෙතත්, වැඩිදුර ප්රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් විය යුතු බව උන්වහන්සේට දැනුම් දුන් අවස්ථාවේදී, තම කැමැත්තෙන් රෝහලෙන් පිටව යන බව සඳහන් කර අදාළ ලේඛනවලට අත්සන් තබා පිටව ගොස් ඇති බව ද වෛද්ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:10