hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 02, ප.ව. 3:50



මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් සඳහන් කරයි.

මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිනි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේයි.