hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 11, පෙ.ව. 9:55



Club වසන්ත නැමති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් සැකකරුවන් 7 දෙනෙකුට විරුද්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) කරුණු වාර්තා කිරීමක් සිදු කළේය.

එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් පැය 48ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාදෙන ලෙසයි.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේදී අත්අඩංගුවට පත්ව සිටිනා දුලාන් සන්ජුල නැමැති පළවෙනි සැකකරුගෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් මාධ්‍ය කැඳවා ප්‍රසිද්ධියේ පාපොච්චාරණයක් ලබාගෙන එම පාපොච්චාරනය ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ගරු අධිකරණයේ අවධානය යොමු කළ බවයි.

එම නීතිඥවරුන් වැඩිදුරටත් පවසා සිටියේ අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බවත් එහි අති නීතිමය තත්වය නොසළකාහරිමින් අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි.

නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසු මහේස්ත්‍රාත්තුමිය අවධාරණය කර ඇත්තේ පොලිස් විමර්ශන මෙහෙයවීම පැමිණිල්ලට මෙන්ම විත්තියට ද සාධාරණ අයුරින් ඉටුකළ යුතු බවයි.

ඒ අනුව පොලිසිය විසින් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එහිදී තවදුරටත් සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීම් සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියෙන් කරුණු විමසා ඇති අතර ඒ සඳහා සාධාරණ හේතු දැක්වීමක් නොවීම මත මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ බන්ධනාගාර ගත කිරීමෙන් පසු එම ප්‍රශ්න කිරීම් සඳහා කටයුතු කරනා ලෙසයි.

එහිදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇති දුලාන් සන්ජුල නැමැති සැකකරු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් කිරීමටද අවස්ථාව ඉල්ලා ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: