hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 07, ප.ව. 4:25



උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා වන මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ යටතේ ලක්ෂ 8ක උපරිමයකට යටත්ව පොලී රහිත ණයක් ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බවයි.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් මෙම ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවාගැනීමට නියමිත අතර ඊට අදාළව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබාදීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති බවයි අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: