hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි 26, ප.ව. 1:04



තමන්ව ආයුධ පෙන්වීමට ගෙන යයිද දන්නේ නැහැ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී පවසනවා.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමගම 2013 වසරේදී නව ගුවන්යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

“දැන ගන්න තියෙන විදියට එයාර් බස් සම්බන්ධයෙන් එන්න කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් යහපාලන ආණ්ඩුව වෙලාවේ දූෂණ මර්ධන කමිටුවේ හිටපු අය තමයි තවම ඉන්නේ. පහුගිය දවස්වලත් මම ආවා මගේ මේසේ උඩ මිලියන 200ක් තියලා ගිහිල්ලා මහත්තයෙක්. ඉතින් මේ පාර කීයක් තියලා ගිහිල්ලද කියලා බලන්න ඕන. ගිහිල්ලා පොලීසියේ මහත්තුරුන්ගෙන් අහන්න ඕන තව මහත්තයෙක් ඇවිත් කීයක් මේසේ උඩ තියලා ගිහින්ද කියලා. දැන් අද රටේ ඕනෑම පාතාලේ එක්කෙනෙක්ට මිනීමරුවෙක්ට මංකොල්ලකාරයෙක්ට රාජ්‍ය දේපළ අවභාවිතා කරන කෙනෙක්ට ලේසිම දේ තමයි රාජපක්ෂලා පිට පටවලා ඇඟ බේර ගන්න පුළුවන්.”

CID එකට කැඳවන තරමට අපි එනවා. ඒ එන තරමටම තමයි ඒ අයගේ බොරුව වංචාව බොරුවක් කියන එක සමාජෙට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුවේ හිටපු මහත්තයම තමයි අද පොලීසිය භාර අමාත්‍යවරයා. එදා කිව්වා පාස්කු ඉරිදා ප්‍රහාරය ගහයි කියලා හිතන් හිටියා, මෙහෙම ගහයි කියලා දැනන් හිටියේ නැහැ කියලා. අද කියනවා පාතාලේ නායකයෙක්ව ගම්පහ මරයි කියලා හිතුවා කොළඹදී මරයි කියලා හිතුවේ නැහැ කියලා.

මට තියෙන්නේ හැංගි හැංගි යන්න, බය නෑ. බය නම් මම අද එන්නේ නැහැනෙ. අදත් නිවාඩු දවසේ එන්න ඕනේ නැහැනේ, මට කියන්න පුලුවන්නේ අද රජයේ නිවාඩු දවසක් මට එන්න වෙන්නෙ නැහැ කියලා. අපි එහෙම බය නැහැ, ආයුධ පෙන්නන්න ගෙනියයිද දන්නේ නැහැ. මේ නිවාඩු දවසෙ අපිව ගෙන්නලා අපෙන් කට උත්තර අරන් අපිව හිරගත කරන්න කරන මහන්සිවිල්ලම උසාවි දවසේ අධිකරණයට එන අයගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: