hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 18, ප.ව. 2:06



බොරැල්ල කොටා පාරේ පිහිටි වෙස්ටන් රෝහලේ වකුගඩු ජාවාරමක් ගැන චෝදනා එල්ල වූ වෛද්‍යවරයා වන මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

තමා විසින් මහ රෝහලේ 1350ක් පමණ වකුගඩු බද්ධ කිරීම් සිදු කර ඇති බවත් ළමුන් ලක්ෂකට පමණ උගන්වා ඇති බවද සඳහන් කරනවා.

එම වෛද්‍යවරයා සඳහන් කරන්නේ තමන් මුස්ලිම් ජාතිකයෙකු නිසා තමාට මෙලෙස අභූත චෝදනා එල්ල කරන බවයි.

තමා විසින් වෙස්ටන් රෝහල ඉදි කර එහිද වකුගඩු රෝගීන් 1300කට පමණ පෞද්ගලිකව වකුගඩු බද්ද කර ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.