hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූනි 30, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක්  මතුවෙමින් පවතින බව පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර  වෙළඳපොළෙන් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙය මේ වසරේ සෙසු මාස වල දේශීය වෙළඳපොළෙන් ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවද සඳහන් කර තිබෙනවා.

මේ අනුව මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හය දහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නව දහස් හැත්තෑ පහක්ද වශයෙන් ණය ලබාගෙන ඇත.

රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන්  රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි  හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා  මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි  තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කර තිබෙනවා.

මේ තත්වය යටතේ රටේ ණය බර ඉහළ යෑමක් මෙන්ම ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති  හෙයින් දේශීය ණය ධරණීතාව  රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: