hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 20, පෙ.ව. 12:02



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නව ඇගවීමේ ක්‍රියාවලිය ආරම්භ වන වර්ශය 2025 වසර වුවද මෙම නව ඇගයීම් ක්‍රියාලිය යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් මුහුණ දෙන්නේ 2029 වසරේ බව අධයාපන අමාත්‍යාංශය පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා යෝජිත නව ක්‍රමය යටතේ දරුවන්ට සිය විභාග ලකුණුවලින් සියයට 30ක් පන්ති කාමර ක්‍රියාවලියෙන් ලැබෙන අතර 2025 වසරේ පළමු වැනි ශ්‍රේණියට පාසලට ඇතුළත් වන දරුවන්ගේ පන්ති ක්‍රියාකාරකම් මේ අනුව වසර පහක් පුරා ඇගයීමට ලක් වෙනු ලබනවා.

එය ඔවුන් 2029 වසරේ පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමේදි ලැබෙන ලකුණුවලින් සියයට 30ක් සඳහා දායක වන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

නව ඇගයීම් ක්‍රියාවලිය යටතේ 2025 සිට 4-5 ශ්‍රේණිවල පන්ති කාරමය තුළ ලබන අධ්‍යාපනය මඟින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුනු සියයට 30ක් ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගියදා පැවසුවේ.

නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යාපන ක්‍රමයේදිය සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා එහිදි පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: