2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 9:04
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
තමන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙය දැනුම්දුන් බවවයි, ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ දෙමාපියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
පසුගිය 15වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් දෙමාපියන් චෝදනා කර සිටියා.
ඉන් අනතුරු ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදු කිරීමටයි කටයුතු කළේ.
ඒ අනුව මෙම විභාගයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට අනාවරණ වුණා.
මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කළ අතර එහිදී ඔවුන් නිර්දේශ කළේ, අදාළ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමටයි.
අදාළ තීරණය විරෝධය පළ කරමින්, දෙමාපියන් පිරිසක් ඊයේ (30) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ විරෝධයක නිරත වුණා.
ඉන් අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳි සිටිමින් උද්ඝෝෂන කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
විරෝධතාවයේ නිරත දෙමාපියන්ගෙන් හය දෙනෙකුට පමණ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
“අපේ ප්‍රශ්නය එකිනෙක එකිනෙක මුල ඉඳලාම පැහැදිලිව ඉදිරිපත් කළා. එතුමා ඉතා සාවධානව අපේ ගැටලුවට සවන්දීලා, එතුමා මුලින් කියපු දේ තමා, එතුමා කියනවා කිව්වා. උත්තර පත්තර පරීක්ෂාව නතර කරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ ගොල්ලෝ කතා කළා, පත්‍ර දෙකම ආයෙත් තියෙනවා ද.? පළවෙනි එක තියෙනවා ද කියලා. අපි ඉල්ලීමක් කළා පළවෙනි පත්‍රය තියන්න කියලා තියෙන ගැටලුත් එක්ක. දෙවැනි පත්‍රය අපිට ඒ තරම් ගැටලුවක් නැහැ. එතුමා උත්තරයක් දුන්නා. අපිට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා අපේ ප්‍රශ්නය අපේ මට්ටමට බැහැලා ඉතාමත් හොඳින් තේරුම් ගත්තා.”
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25