2024 නොවැම්‍බර් 04, පෙ.ව. 12:04
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය.
ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතුවලට ද බලපෑම් එල්ල වනු ඇති බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් සඳහන් කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව අධ්‍යාපන අමාතංශ ලේකම්වරිය සඳහන් කළාය.
2024 නොවැම්‍බර් 05, පෙ.ව. 9:39
2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:06
2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:04
2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:04
2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:04
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24